FB Post Caption -වර්ෂ 1890 මැයි 29 දින ළමාහේවගේ දොන් මාර්ටින් වික්‍රමසිංහ නමින් කොග්ගල උපත ලැබූ මෙතුමා දේශීයත්වය මුල් කරගත් දැක්මකින් සාහිත්‍ය ලොව අවදි කරන්නට වෙහෙසුණ ප්‍රාමාණික වියතෙකි. බෞද්ධ දර්ශනය හා බෞද්ධ සාහිත්‍ය පිළිබඳ හසල දැනුමකින් හෙබි වික්‍රමසිංහන් විසින් රචිත සාහිත්‍ය සහ විචාර පතපොත ගණන අතිවිශාලය. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, බවතරණය, මඩොල්දූව, විරාගය වැනි සිංහල සාහිත්‍යාවලියේ කේන්ද්‍රීය නවකතා රැසක කතුවරයා වන්නේ ද මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ය.හෙළයේ මහා ගත්කරු යන විරුදාවලි ලත් මෙතුමන් සිංහල සාහිත්‍ය වංශකතාව තුළ දැවැන්ත ස්වාධීන සලකුණක් තබන්නට සමත් වූ විරල ගණයේ ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකි.නූතන සිංහල සාහිත්‍යයේ දිශානතිය සකස් වීම කෙරෙහි මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දැක්ම ඉතා ප්‍රබල සාධකයක් වූ බව නොරහසකි. මේ මහා සාහිත්‍යධරයාට අපේ උත්තමාචාරය මෙලෙස පුදකරන්නෙමු.